වියළි වූ කතරකට වැසි පොද රැගෙන ආ
විඩාවෙන් පිරි ගතට සිසිලසක් රැගෙන ආ
අසහනය පිරි හිතට සැනසුම රැගෙන ආ
දොඩමලු වූ මගෙ මුවට නැවතීම රැගෙන ආ
ඔබ ...
මට,
වෙහෙස නිවූ සිසිල් සඳක් මැයි
එළිය රැගෙන ආ චන්ඩ හිරු මැයි
මා දිවිය පහන් කරනා
සඳ, හිරු, තාරකා මැයි ...
Thursday, August 7, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment