Monday, February 8, 2010

සමුගැනීම

සමුගැනීම
පිය නගන විට
නුඹ පාසලෙන් මෙපිටට
තෙමුනි දෙකොපුල්
නුඹ හැරදමා ගිය
පළමු දින මෙන්.....

තනිකම

සත් සමුදුරෙන් මෙපිට
සිටියද මා
සිත දුවයි නුඹ ළගට.....
නොසිටියත් නුඹ ළග
දැනේ මා හට
නුඹේ උණුසුම
මගෙ ආදර අම්මේ....

Friday, October 17, 2008

දන්නෙහිද නුඹ

එදා,
නුඹේ සුලු වෙනසකට
කඳුලු කැට බර වුනද
අද,
ඔබ නිහැඬියාව හමුවෙද
සිනා මල් පොපියන බව,
දෙමාපිය පැතුම් ඉටු කිරීමට
වෙහෙසෙන බව,
නුඹ සිතැඟි ඉටු කිරීමට
වෙර දරන බව,
නව ලොවකට පිය නැගීමට
උත්සාහ කරන බව,
අප පැතුම් සපල වීමට
දින ගනින බව,
නුඹ දන්නෙහිද......

Thursday, September 11, 2008

කවි සිත

මිය ගිය කවි සිත
පිබිදු ඔබ වෙත
සෙනෙහස් හසුනක්
නොම ලිය වේවිද ...
මිය ගිය මා සිත
පණ ගත් ඔබ වෙත
සෙනෙහස් දෙනෙතින්
බැලුම් හෙලාවිද ...
සෙනෙහස පුද කල
ඔබෙ සෙනෙහස ගැන
පත් ඉරු පුරාම
අකුරු කරාවිද ...
මා සිත මා හට
වටහා ගනු බැහැ
ඔබ වෙනුවෙන් මා
සැමදා හිඳිවිද ...

Thursday, August 28, 2008

නොදන්නා පුරයකදි

නොදන්නා පුරයකදි
තනි වුවද මා පැමිණ
හිත මගේ නොතනියට
ඔබ රැදිනි මා අසල ...

පුරවරට බැලුම් ලන
දන්ත හිමියන් ළගදි
සපත වූවෙමි මා
ඔබව හැර නොයන බව ...

ඒ පැතුම් භද පුරා
පැතිරි ගොස් ඇති විටක
මා ඔබට ළං වුනෙමි
ඈත් වීමක් නොදැන ...

Thursday, August 21, 2008

ස්නේහය...

නොහැක පෙළ ගසන්නට
සිතේ ඇති හැඟුම් සැම
අකුරු කළ යුතුය මා
ඔබට පිදු සෙනේ ගැන
ඔය සුරතෙ දැවටිලා
පුංචි ලදැරියක ලෙස
ජීවිතේ දිගු ගමන
ඇරඹුවෙමි පැතුම් මැද
ඔබට මා මටද ඔබ
ලංව ඇත ස්නේහයෙන්.......

Thursday, August 14, 2008

ලංව ඔබ විටෙන් විට

ලංව ඔබ විටෙන් විට
හද මගේ රිදවුවද
දනිමි මා ඔබ සිතේ
ඇති සෙනේ පොද තරම
ඔබට පිදු මගෙ සෙනෙහෙ
නැවත දෙනු එපා මට
ආදරෙයි ඔබට මම
මගේ දිවි ඇති තුරුම