Thursday, August 28, 2008

නොදන්නා පුරයකදි

නොදන්නා පුරයකදි
තනි වුවද මා පැමිණ
හිත මගේ නොතනියට
ඔබ රැදිනි මා අසල ...

පුරවරට බැලුම් ලන
දන්ත හිමියන් ළගදි
සපත වූවෙමි මා
ඔබව හැර නොයන බව ...

ඒ පැතුම් භද පුරා
පැතිරි ගොස් ඇති විටක
මා ඔබට ළං වුනෙමි
ඈත් වීමක් නොදැන ...

Thursday, August 21, 2008

ස්නේහය...

නොහැක පෙළ ගසන්නට
සිතේ ඇති හැඟුම් සැම
අකුරු කළ යුතුය මා
ඔබට පිදු සෙනේ ගැන
ඔය සුරතෙ දැවටිලා
පුංචි ලදැරියක ලෙස
ජීවිතේ දිගු ගමන
ඇරඹුවෙමි පැතුම් මැද
ඔබට මා මටද ඔබ
ලංව ඇත ස්නේහයෙන්.......

Thursday, August 14, 2008

ලංව ඔබ විටෙන් විට

ලංව ඔබ විටෙන් විට
හද මගේ රිදවුවද
දනිමි මා ඔබ සිතේ
ඇති සෙනේ පොද තරම
ඔබට පිදු මගෙ සෙනෙහෙ
නැවත දෙනු එපා මට
ආදරෙයි ඔබට මම
මගේ දිවි ඇති තුරුම

Thursday, August 7, 2008

වියළි වූ කතරකට

වියළි වූ කතරකට වැසි පොද රැගෙන ආ
විඩාවෙන් පිරි ගතට සිසිලසක් රැගෙන ආ
අසහනය පිරි හිතට සැනසුම රැගෙන ආ
දොඩමලු වූ මගෙ මුවට නැවතීම රැගෙන ආ
ඔබ ...
මට,
වෙහෙස නිවූ සිසිල් සඳක් මැයි
එළිය රැගෙන ආ චන්ඩ හිරු මැයි
මා දිවිය පහන් කරනා
සඳ, හිරු, තාරකා මැයි ...