Thursday, September 11, 2008

කවි සිත

මිය ගිය කවි සිත
පිබිදු ඔබ වෙත
සෙනෙහස් හසුනක්
නොම ලිය වේවිද ...
මිය ගිය මා සිත
පණ ගත් ඔබ වෙත
සෙනෙහස් දෙනෙතින්
බැලුම් හෙලාවිද ...
සෙනෙහස පුද කල
ඔබෙ සෙනෙහස ගැන
පත් ඉරු පුරාම
අකුරු කරාවිද ...
මා සිත මා හට
වටහා ගනු බැහැ
ඔබ වෙනුවෙන් මා
සැමදා හිඳිවිද ...