Thursday, July 31, 2008

දොරඟුලු සිර කළ

දොරඟුලු සිර කළ
ගංඟාවක් සේ
සිතිවිලි හද තුළ
තෙරපී යයි ...
විගසින් නොපෙනෙන
දේදුන්නක් සේ
අවධානය මොහොතින්
හැර යයි ...
ළඟ බව හැඟුනද
ගුවනත සේ
හැමවිට සිතිවිලි
මගෙන් දුරයි ...
පෙරඹර හිමිකරු
හිරු කුමරුන් සේ
මගෙ හද හැමවිට
ඔබට හිමියි ...

Thursday, July 24, 2008

සඳ මගෙන් සැඟවිලා

සඳ මගෙන් සැඟවිලා
හිරු මගෙන් සමු අරන්
අනේ මගෙ හිත් අහස
මියැදිලා අද දිනේ

Thursday, July 17, 2008

ගඟ සහ සයුර

දෙගොඩ තලා ගලා ගියද
සුපුරුදු ලෙස ගලා ගියද
ගංඟාවෝ සයුර වෙතින්
තම ගමනය නිමා කරයි ...
මා අභියස ඔබ සයුරකි
ඉතකින් මා ගඟ නොවෙම්ද?

Thursday, July 10, 2008

සයුර සහ වෙරළ

තෙරක් නැති මහ සයුර
විටෙක ඈ සන්සුන්ය
විටෙක ඈ මහ දැඩිය
වෙරළ වෙත දිව ඇවිත්
ඔහුව සිඹ පලා යයි
එවිට මා සයුර
ඔබ වෙරළ
මට හැඟේ

Thursday, July 3, 2008

සඳ තරු හිමි කර

සඳ තරු හිමි කර
ගන්නට පොරකන
පුංචි ලදැරියක්
වගේ තුටින් ...

මා අද වැලපෙමි
පැතුම් පතන්නෙමි
ඔබ මට හිමි කර
ගන්න සිතින් ...