සෙව්වෙමි කෙම්බිමක්
දිව් කතර මාවතේ
නොනැවතී දිව ගියත්
මා ඉතිං හාමතේ
නොමැත මට හමුවුනේ
මා සෙවූ ක්ෂේම බිම
නැවතුනිය හිත් පොඩිය
ඒ සොයුරු පෙම අසළ
එය තවත් මොහොතකට
නැවතුමකි හැඟුනි මට
දිනෙන් දින ගෙවී ගොස්
සය මසක් අවසන්ය
නමුදු මගෙ හිත තවම
ඒ සෙනැති දෙනෙත ළඟ
අද දනිමි මා පියේ
ඔබව මට අවැසි බව
ඔබට මා සෙනැති බව
Thursday, June 26, 2008
Subscribe to:
Posts (Atom)