එදා,
නුඹේ සුලු වෙනසකට
කඳුලු කැට බර වුනද
අද,
ඔබ නිහැඬියාව හමුවෙද
සිනා මල් පොපියන බව,
දෙමාපිය පැතුම් ඉටු කිරීමට
වෙහෙසෙන බව,
නුඹ සිතැඟි ඉටු කිරීමට
වෙර දරන බව,
නව ලොවකට පිය නැගීමට
උත්සාහ කරන බව,
අප පැතුම් සපල වීමට
දින ගනින බව,
නුඹ දන්නෙහිද......
Friday, October 17, 2008
Thursday, September 11, 2008
Thursday, August 28, 2008
නොදන්නා පුරයකදි
නොදන්නා පුරයකදි
තනි වුවද මා පැමිණ
හිත මගේ නොතනියට
ඔබ රැදිනි මා අසල ...
පුරවරට බැලුම් ලන
දන්ත හිමියන් ළගදි
සපත වූවෙමි මා
ඔබව හැර නොයන බව ...
ඒ පැතුම් භද පුරා
පැතිරි ගොස් ඇති විටක
මා ඔබට ළං වුනෙමි
ඈත් වීමක් නොදැන ...
තනි වුවද මා පැමිණ
හිත මගේ නොතනියට
ඔබ රැදිනි මා අසල ...
පුරවරට බැලුම් ලන
දන්ත හිමියන් ළගදි
සපත වූවෙමි මා
ඔබව හැර නොයන බව ...
ඒ පැතුම් භද පුරා
පැතිරි ගොස් ඇති විටක
මා ඔබට ළං වුනෙමි
ඈත් වීමක් නොදැන ...
Labels:
නොදන්නා පුරයකදි
Thursday, August 21, 2008
Thursday, August 14, 2008
ලංව ඔබ විටෙන් විට
ලංව ඔබ විටෙන් විට
හද මගේ රිදවුවද
දනිමි මා ඔබ සිතේ
ඇති සෙනේ පොද තරම
ඔබට පිදු මගෙ සෙනෙහෙ
නැවත දෙනු එපා මට
ආදරෙයි ඔබට මම
මගේ දිවි ඇති තුරුම
හද මගේ රිදවුවද
දනිමි මා ඔබ සිතේ
ඇති සෙනේ පොද තරම
ඔබට පිදු මගෙ සෙනෙහෙ
නැවත දෙනු එපා මට
ආදරෙයි ඔබට මම
මගේ දිවි ඇති තුරුම
Labels:
2000.03.12,
ලංව ඔබ විටෙන් විට
Thursday, August 7, 2008
වියළි වූ කතරකට
වියළි වූ කතරකට වැසි පොද රැගෙන ආ
විඩාවෙන් පිරි ගතට සිසිලසක් රැගෙන ආ
අසහනය පිරි හිතට සැනසුම රැගෙන ආ
දොඩමලු වූ මගෙ මුවට නැවතීම රැගෙන ආ
ඔබ ...
මට,
වෙහෙස නිවූ සිසිල් සඳක් මැයි
එළිය රැගෙන ආ චන්ඩ හිරු මැයි
මා දිවිය පහන් කරනා
සඳ, හිරු, තාරකා මැයි ...
විඩාවෙන් පිරි ගතට සිසිලසක් රැගෙන ආ
අසහනය පිරි හිතට සැනසුම රැගෙන ආ
දොඩමලු වූ මගෙ මුවට නැවතීම රැගෙන ආ
ඔබ ...
මට,
වෙහෙස නිවූ සිසිල් සඳක් මැයි
එළිය රැගෙන ආ චන්ඩ හිරු මැයි
මා දිවිය පහන් කරනා
සඳ, හිරු, තාරකා මැයි ...
Labels:
වියළි වූ කතරකට
Thursday, July 31, 2008
දොරඟුලු සිර කළ
දොරඟුලු සිර කළ
ගංඟාවක් සේ
සිතිවිලි හද තුළ
තෙරපී යයි ...
විගසින් නොපෙනෙන
දේදුන්නක් සේ
අවධානය මොහොතින්
හැර යයි ...
ළඟ බව හැඟුනද
ගුවනත සේ
හැමවිට සිතිවිලි
මගෙන් දුරයි ...
පෙරඹර හිමිකරු
හිරු කුමරුන් සේ
මගෙ හද හැමවිට
ඔබට හිමියි ...
ගංඟාවක් සේ
සිතිවිලි හද තුළ
තෙරපී යයි ...
විගසින් නොපෙනෙන
දේදුන්නක් සේ
අවධානය මොහොතින්
හැර යයි ...
ළඟ බව හැඟුනද
ගුවනත සේ
හැමවිට සිතිවිලි
මගෙන් දුරයි ...
පෙරඹර හිමිකරු
හිරු කුමරුන් සේ
මගෙ හද හැමවිට
ඔබට හිමියි ...
Labels:
දොරඟුලු සිර කළ
Subscribe to:
Posts (Atom)